පොහොට්ටු පාර්ශවයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ගේ ළඟම ආධාර කරුවෙක් මෙන්ම පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන දමිත් දනංජය නැමැත්තාට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය(STF ) හා සුරබදු දෙපාර්තමේනතුව ඒකාබද්ධව වටලා ඇත.
මෙම නීති වීරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය කලකපටන් පවත්වාගෙන ගොස් ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව ඊයේ (24) පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව මෙම වැලීම සිදුකර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුව සහෙ පොලිස් විශේෂ කාර්ය බලකාය( STF ) මේ වනවිටත් එම ස්ථානයේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තාවේ.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
