අස්ගිරි පාර්ශවයේ අපේක්ෂකයා : චමල් රාජපක්ෂ !

අස්ගිරි පාර්ශවයේ අපේක්ෂකයා : චමල් රාජපක්ෂ !

අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ බරපතල විවේචන එල්ලවෙමින් තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂයට දැඩි ලෙස පහරදෙමින් උන්වහන්සේ පසුගිය 15 වෙනිදා ඓතිහාසික දොඩම්වල දියකෙළිනාවල කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 21 රියන් බුද්ධ ප්‍රථිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කිරිමේ උත්සව සභාවේ අමතමින් කළ දේශපාලන අනුශාසනාව සම්බන්ධයෙනි.

''එක්සත් ජාතික පක්ෂය ඉවර වෙලා තියෙන්නෙ කියල ආයෙ මේකට පණ දෙන්න පුලුවන් කමක් නෑ, එක්සත් ජාතික පක්ෂය නිසා තමයි මේ රට නැති වුණේ '' ආදී වශයෙන් ආඩපාලි කියමින් අනුශාසනාව සිදුකළ උන්වහන්සේ, අනතුරුව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ජනාධිපති කිරීමට ද යෝජනා කළහ.

යෝජනා ගැන චමල් කියන කතාව :

අස්ගිරි හිමියන්ගේ ප්‍රකාශයත් සමග ඇතිව තිබෙන දේශපාලන කතිකාව සම්බන්ධයෙන් අදහස් දක්වන චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසන්නේ, තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට තවමත් කල්වේලා වැඩි බවයි. 'නෙත් නිවුස්' කළ විමසීමකදී ඔහු එබව පවසා ඇත.

කෙසේවෙතත් විවිධ පාර්ශ්වවලින් නොනිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කර ඇති බව චමල් රාජපක්‍ෂ කියා සිටියි. නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් සළකා බැලීමට තමන් සූදානම් බවද ඔහු 'නෙත් නිවුස්' වෙත ප්‍රකාශ කළේය.

තවත් සති දෙකකින් පමණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ප්‍රකාශයක් සිදුකරන බවද හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න