ජනමත විචාරණය දේශපාලන උගුලක් : පොහොට්ටු ප්‍රබලයකු මන්ත්‍රීවරුන්ට දන්වයි !

ජනමත විචාරණය දේශපාලන උගුලක් : පොහොට්ටු ප්‍රබලයකු මන්ත්‍රීවරුන්ට දන්වයි !

ජනාධිපති සිරිසේනගේ ජනමත විචාරණය යෝජනාව දේශපාලන උගුලක් බවත් ඊට සහය දැක්වීමට යාමෙන් පොදුජන පෙරමුණ ඉවත්විය යුතු බවත් එම පක්ෂයේ ප්‍රබලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

පොහොට්ටු පාර්ශවයේ ප්‍රබලයා මේ බව දන්වා ඇත්තේ පොහොට්ටු පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම පසුගියදා පැවති මාධ්‍ය හමු කිහිපයක දී ජනමත විචාරණ යෝජනාව සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර දැක්වීමත් සමගය.

පසුව මේ සම්බන්ධව ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස පොහොට්ටු පාර්ශවයට හිතවත් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි වෙතද උපදෙස් නිකුත්කර ඇති බවත් වාර්තා වෙයි.

නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට බලකල යුතු බවත් වසර හතර හමාරකට පෙරාතුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ආකාරය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණ විනිසුරුවන් 07 දෙනෙකු විසින් ඒකමතිකව ලබා දී ඇති තීන්දුවෙන් ජනමත විචාරණයකින් මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවත් දක්වා නැතැයි යන මතය පොදුජන පෙරමුණේ අදහස ලෙස දක්වන ලෙසත් එහිදී වැඩිදුරටත් දන්වා ඇති බවත් දැනගන්නට ඇත.

දේශපාලන උගුලක් !

මේ සම්බන්ධව අදහස් දැක්වූ පොහොට්ටු පාර්ශවයේ ප්‍රබලයාට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් සදහන් කර සිටියේ ජනාධිපති සිරිසේනගේ පාර්ශවය විසින් ඔවුන් පත්ව ඇති දේශපාලන අපකීර්තියට තාවකාලික පැලැස්තරයක් ලෙස මේ ජනමත විචාරණ යෝජනාව ගෙනවිත් ඇති බවය.

ඒ ගැන නිසි අවබෝධයක් නොමැති පොහොට්ටු පාර්ශවයේ මන්ත්‍රීවරුන් ඊට සහය දැක්වීමට ඉදිරිපත් වූ බවත් එබැවින් මේ පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත්කර සිටින්නට කටයුතු යෙදූ බවත් ඔහු පැවසීය.

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහය ලබාදුන් බවට පසුගිය ඔක්තෝබර් 26 පොහොට්ටු පාර්ශවය නිකරුණේ අපවාදයට පත්වූ බවත් යළිත් ඒ වරද කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉඩනොදී ඊට මැදිහත් වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න