නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම්දී ඇත.
ජනාධිපති සිරිසේන ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදුව ඇති අතර ඒ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ නිසාය.
පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහ අමාත්‍ය ධූරය දැරූ දකුණු පළාත් සභා නිල කාලය අවසන් විය. ඉන් අනතුරුව ඔහුගේ දේශපාලන කටයුතු අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට සීමාවී තිබිණ.
මීට පෙර ජනාධිපති උපදේශකයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා යෝජනා වී තිබුණත් ජනාධිපති සිරිසේන තීන්දු කර ඇත්තේ ෂාන් විජයලාල් ද සිල්වා වෙතම මේ තනතුර ලබාදීමටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
