සොයා ගත් උණ්ඩ තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන පතොරම් 93ක් ඔහුගේ නිවසේ එළිමහන් ස්ථානයකින් සොයාගැනීමේ සිද්ධියකට අදාලව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
පතුරම් තිබූ අලි හසන්ගේ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත්වූවක් බවත් ඔහුගේ බිරිඳගේ පියා මීට පෙර බලපත්‍ර සහිත බෝර 12 උණ්ඩ යොදන ගිනි අවියක් භාවිත කර තිබූ බවත් වාර්තා වේ.
මෙම නිවස බිරිඳගේ පියාගෙන් ඔහුට ලැබී ඇත්තේ 1988 වසරේ වන බවත් එම ගිනි අවිය 1988 කාලයේම පොලිසියට බාරදුන් බවත් වාර්තා වේ.
ඒ අනුව මෙම උණ්ඩ තොගය අවුරුදු 40වත් පරණ ඇති බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
