බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) නිදහස ලැබුණේ ජනාධිපති විශේෂ සමාව යටතේ බව වාර්තා වෙයි.
ජනාධිපති සිරිසේනගේ උපදෙස් මත ඉකුත්දා ඥානසාර හිමි පිළිබඳව විස්තර බන්ධනාගාර අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබිණි.
ඊයේ (22) ඥාකසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සඳහා ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි පැවසීය.
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට නියෝග කෙරිණි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදීම , අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට මෙම සිර දඬුවම ලැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
