රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (21) කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබේ.
පෙරවරු 10.00 ට පමණ කථානායක කාර්යාලයේදී එම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදුන් බව කථානායක කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී සිටි බවද සඳහන්ය.
රට තුළ පවතින අනාරක්ෂිතභාවය, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම යන කරුණු මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තුව අද (21) පස්වරු 1.00 කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
