සයින්දමර්දු ප්‍රදේශයේ සැක සහිත නිවස පිළිබඳව තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 30 ක මුදලක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
එසේම එම තොරතුරු ලබා ගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වූ කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැරයන් ලෙස උසස් කර ත්‍යාග මුදලක් ලෙස රුපියල් ලක්ෂ 5ක් ලබා දීමටත්, ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර ඇත.
තවද එහිදි එම නිලධාරියාට සහාය වූ පොලිස් සැරයන්වරයාට හා කොස්තාපල්වරයාට පොලිස්පති ප්‍රසංසා හා මුදලින් රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දීමත් සිදුකළ බව මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
