ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය මැයි මස 02 දා ප්‍රකාශයට පත්කරන බව ඩුබායි අධිකරණය ප්‍රකාශ කර ඇත.
තමන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි මාකඳුරේ මධූෂ් එරට අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බලමින් ඩුබායි අධිකරණය විසින් ඊයේ (18) මේ බව ප්‍රකාශ කර තිබේ.
ඩුබායි පොලිසිය විසින් පසුගිය පෙබරවාරි මස 05 වැනිදා ත්අඩංගුවට ගන්නා ලද 31 දෙනාගෙන් 23 දෙනෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
මාකඳුරේ මධූෂ් අපරාධ ක්‍රියා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අත්‍යවශ්‍වය සිටින පුද්ගලයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
