හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැඳවාම ඔවුන්ව නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරු විසින් අද(22) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළේය.
මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විත්තිකාර ගාමිණී සෙනරත් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අලි සබ්රි විවෘත අධිකරණයේ මෙම ඉල්ලීම සිදුකළ අතර එහිදී වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව නිසි පරිදි ඔප්පු වී නොමැති බවය.
ලිට්රෝ ගෑස් සමාගමේ සිට කෑන්විල් සමාගම වෙත ආයෝජනය කළ රුපියල් පන්සීයක මුදලක් නැවත හෙලන්කෝ සමාගම වෙත ගොස් ඇති බව සාක්ෂිවලින් තහවුරු වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි එම මුදල් සාවද්‍ය පරිහරණයක් සිදු වූ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව ද කියා සිටියේය.
මෙම ඉල්ලීමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම ලබන සදුදා(25) සිදු කිරීමට නියමිතව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
