සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා ඊයේ (12) පැවැති කැබිනට් රැස්වීමේදී කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කල නමුත් ඊට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ජනාධිපති සිරිසේන දැන්වීම හේතුවෙන් කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම සතියකින් කල්තබා ඇති බව වාර්තා වෙයි.
කොමිසම පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් වන අතර එම සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ එහිදීය.
මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ද මේ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණය ඉදිරිපත් කරන බව කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
