ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තිලංග සුමතිපාලගේ මැදිහත්වීම මත පත්කර සිටි නිලධාරීන් 20 කට අධික ප්‍රමාණයක් රැකියාවෙන් ඉවත්ව යාමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනමින් සේවයේ නියුතු ඒ පිරිසේ කොන්ත්‍රාත් කාලය අවසන්වීම සහ එය දීර්ඝ කිරීමට අමාත්‍යවරයා කටයුතු නොකිරීම නිසාය.
මෙසේ සේවය අවසන්කර ඉවත්ව යාමට සිදුවන පිරිස අතර ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරෝම් ජයරත්න යන මහත්වරු ඇතුළු විධායක ශ්‍රේණියේ නිලධාරීහු 10ක් පමණ සිටින බවද වාර්තා වන අතර තිලංග සුමතිපාල පාලනය තුළදී උපදේශකයන් සහ ඇතැම් තනතුරු නිර්මාණය කරමින් හිතවත්කම මත සුපිරි වැටුප් සමඟ තනතුරු ලබා සිටි අයද සිටින බවත් වාර්තා වෙයි.
මේ අතර එම පිරිස වර්තමාන පරිපාලන ව්‍යාකූල තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ සේවය වසර දෙකකින් දීර්ඝ කරගැනීමට ගත් උත්සාහයක් නව ක්‍රීඩා අමාත්‍යවරයාට හසුවී එය වලක්වා ඇති බවද වාර්තා වන අතර ඒ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පත්වීම ලැබූ දෙසැම්බර් 20 වනදා පස්වරුවේය.
මෙම පුද්ගලයන් නිසි බලධාරියා නොමඟ යැවීම සඳහා ඔවුන්ගේ ප්‍රධානියාගෙන් එම පුද්ගලයාගේ සේවය අවශ්‍ය බවත් තවත් වසර දෙකකින් සේවය දීර්ඝ කරන ලෙසත් ඉල්ලීමක් ඇතුළත් ලිපි ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන නමුත් ආමාත්‍යවරයාට සම්බන්ධ ආරංචිමාර්ග සඳහන් කරන්නේ
ශ්‍රී ලංකා ක්‍රිකට් හී නව තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් තීරණාත්මක තීන්දු කිහිප්පයක් ගැනීමට නියමිත බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
