හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට කිසිසේත් සහය නොදක්වන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට අද (27) උදෑසන රවී කරුණානායක මන්ත්‍රීවරයා සිය සමීපතම ආධාරකරුවන් සහ හිතවතුන් හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.
පසුගිය සමයේ පක්ෂයෙන් තමන්ට කොහොම නොතකා හැරීමක් සිදුවූවත් පක්ෂයේ උප නායකයා ලෙස තමන් කිසිඳු අවස්ථාවක පක්ෂයට අභියෝගයක් පැමිණි අවස්ථාවේ කිසිසේත් තමන් පක්ෂය අත්නොහරින බවද රවී කරුණානායක මහතා එහිදී පවසා ඇත.
එසේම තම දේශපාලන ජීවිතය පුරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ තමන් මේ ආකාරයේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකට සහය නොදක්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
