අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි පසුව අක්කරපත්තුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනා නොවැම්බර් 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් ඇන්තනී පෝල් නියෝග කර ඇත.
මෙම සිසුන්ප රිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගත්තේ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍යභාවය ලබාදීම සහ තවත් සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම පීඨයේ සිසුන් අඛණ්ඩ අරගලයක නිරත වී සිටින අතරේදී එයට පාලනධිකාරියෙන් පිලිතුරක් නොමැති නිසාය.
තාක්ෂණ පීඨයේ සිසුන් විසින් මෙම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කර ගෙන තිබු අතර නමුත් අධිකරණයට පමුණවා ඇත්තේ මෙම සිසුන් 15 දෙනා පමණය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
