ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (22දා) කොටුව ජනාධිපති කාර්යාලයේදී හදිසි හමුවක් පවත්වා ඇති අතර එහිදී ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
එම හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගි වී ඇති අතර එහිදී ගනුලැබූ තීන්දු තීරණ අද (23) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී දැන්වීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ඉන්දීය සංචාරය පිළිබඳ සහ එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සැලකළ කරුණු ජනාධිපති සිරිසේනට දැනුම්දී ඇති බවද වාර්තාවේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
