උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබන දෙසැම්බර් 31 වැනිදාය පෙර භාරදී අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට ඊයේ (22) උපදෙස් නිකුත්කර තිබේ.
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ පළාත් සභාවල මේ වසරේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.
මේ සාකච්ඡාවට සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ඇමැතිවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
පළාත් සභාවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය,පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් මෙහදී සාකච්ඡා කෙරිණි.
ග්‍රාමීය ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සාර්ථක කර ගැනීමට තම පූර්ණ දායකත්වය යොදවන්නැයි ජනාධිපතිවරයා පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ට උපදෙස් දී ඇත.
වතුකරේ ජනතාවගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
