පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිට වැඩ තහනමට ලක් ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (23) හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඊයේ (22) පැය 11 ක කාලයක් ප්‍රශ්නකර තිබෙන අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ තෙවැනි දිනයයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තෙකු කළ හෙළිදරව්වට අදාළව ආරම්භ කර ඇති විමර්ශනයට අනුව මෙම කැඳවීම කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
