බුකී අන්තුවන් නිසා ලංකාවට ටෙස්ට් තත්ත්වය නැතිවෙන ලකුණු !

බුකී අන්තුවන් නිසා ලංකාවට ටෙස්ට් තත්ත්වය නැතිවෙන ලකුණු !

ක්‍රිකට්  තරග පාවාදීම ඇතුළුව දුෂණ  සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධි අතිශයින් බරපතළ බවත්, දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණ හොත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තත්ත්වය අහෝසි වීමේ අවදානමක් පවතින බවත් අන්තර ජාතික ක්‍රිකට් කවුන්සිලය  ශ්‍රී ලංකාවට  අනතුරු හඟවා තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු හා ක්‍රීඩකයන් කීපදෙනකු මෙන්ම ක්‍රිකට් පරිපාලනයේ ඉහළම තනතුරු දරන පුද්ගලයන් රැසක්ද එක්ව කළ තරග පාවාදීම් සහිත බරපතළ වංචා රැසක් හෙළිදරවු කරගැනීමට හැකි වීමත් සමඟ අයිසීසීය මෙවැනි තීන්දුවක් ගැනීමට සැරසෙන බවද දැනගන්නට ඇත.

පසුගිය සතියේ  අයිසීසී යේ  දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් නොදන්වා ලංකාවට පැමිණීමෙන් අනතුරුව අගමැතිවරයා, ජනාධිපතිවරයා හා ක්‍රීඩා ඇමැතිවරයා හමු වී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති මේ බරපතළ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබේ. 

තවද තත්ත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමටත්, අයිසීසීයේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් ලංකාව තුළ ස්ථාපිත කිරීමටත් ඔවුන් යෝජනා කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න