අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නොහොත් අමුණුගොඩ සංජීව පොලිස් අත්අඩංගුවේ සිටියදී ජාඇළ දඬුගම ඔයට පැන දිවි නසාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
ඒ අනුව අමුණුගොඩ සංජීව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ(05) රාත්‍රියේ අනුරාධපුරදී අත්අඩංගුවට ගෙන ඇත. පසුව ඔහුව පෑළියගොඩ පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී ජාඇළ දඬුගොඩ පාලම අසළදී වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ඇත. පොලිස් නිලධාරීන් ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති අතර එහිදී අත්මාංචු සහිතව සිටි සැකකරු පොලිස් නිලධාරියෙකුට හිසින් පහරදී දඬුගම ඔයට පැන තිබේ. සැකකරු එයින් බේරාගෙන රාගම රෝහල ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
පසුගිය සැප්තැම්බර් 31 දා කඳානේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන්නේද අමුණුගොඩ සංජීවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අණින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද නියෝග කර තිබු අතර ඒ අනුව මුලින්ම අදාළ වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමග එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැනට රිමාන්ඩ් බාරයේ සිටින ගනේමුල්ල සංජීව නැමැති සංවිධාන අපරාධකල්ලි නායකාගේ ප්‍රධාන ගෝලයා වන්නේද අමුණුගොඩ සංජීවයි.
ගනේමුල්ල සංජීව නැමැත්තා තවත් අපරාධකරුවෙක් බව පැවැසෙන ක්‍රිෂාන් සජිත් කුමාර නොහොත් කළු අජිත් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව අමුණුගොඩ සංජීවට ලබාදී ඇති අතර එම ඉලක්කය වැරදීමෙන් මෙසේ අහිංසක කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
