ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් !

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් !

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී බන්ධනාගාර ගතකර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් අපේක්ෂා කරන බව බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි සඳහන් කරයි.

උන්වහන්සේ මේ බව සඳහන්කර සිටින්නේ ඥානසාර හිමියන්ට  නියම වී තිබෙන හය වසරක සිර දඬුවම අහෝසි කොට එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් පූජ්‍ය  ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟය.

භික්ෂූන් වහන්සේට නීතියේ සාධාරණයක් නොලැබෙන බව තීන්දුව මගින් තහවුරු වන  බවද සුදන්ත හිමියන් සඳහන් කර ඇත. 

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ  සලකා බැලුණු අතර තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ඊවා වනසුන්දර විවෘත අධිකරණයේ සඳහන් කළේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාව මත මෙම අභියාචනය ප්‍රතික්ෂේප කළ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න