ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වන අතර ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමත් පක්ෂ එකතුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නියමිතව ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එළඹෙන අයවැය පරාජය කර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මෙන්ම එම ආණ්ඩුවේ රාජපක්ෂවරුන්ට හිමිවන කොටස සම්බන්ධවද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලවලින් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

