මෙයින් වසර හතකට ඉහතදී වයස 19න් පහළ ජගත් ක්‍රිකට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක් ඉන් වසර කිහිපයකට පසුව වෙනත් රටක් නියෝජනය කරමින් ලෝක කුසලානයට තරග වැදුණු බව ඔබ දැන සිටියාද?
2010 නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇන්ද්රි රෆායෙලෝ බෙරෙන්ජර් (Andri Raffaelo Berenger) ඉන් අනතුරුව 2015 පැවති ජගත් කුසලානයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කළේය.
බෙරෙන්ජර් ඇතුළු යොවුන් ලෝක කුසලානයේදී සිය මව් රට නියෝජනය කළ ක්‍රීඩකයන් 13 දෙනෙකුවත් ඉන් අනතුරුව වෙනත් රටවල් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙන බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පෙන්වා දෙයි.
එහෙත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මෙන් නොව ඒ අතරින් බොහෝ දෙනා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙන්නේ ජගත් පාලක මණ්ඩලයේ පූර්ණ සාමාජික රටක් වෙනුවෙනි.
බෙරෙන්ජර් 2015 ලෝක කුසලානයේදී එමීර් රාජ්‍යය නියෝජනය කරමින්

බෙරෙන්ජර් (දකුණේ) 2010 යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවීමට ප්‍රථම ඇන්ද්රි රෆායෙලෝ සිංහල ක්‍රීඩා සමාජය, කොළඹ ක්‍රීඩා සමාජය සහ සීදුව රද්දොළුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
2014 නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග වදිමින් ඔහු එක් දින ජාත්‍යන්තර තරග පිටියට එක් විය.
1998 දී පාකිස්තානය වෙනුවෙන් වයස 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට තරග කළ ඉම්රාන් තහීර් (Imran Tahir) පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට සම්බන්ධ විය.
ජගත් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වන පරිදි ගැරී බැලන්ස්, ග්‍රාන්ට් එලියට්, ඇන්ඩි කැඩික්, පීටර් බොරන්, මයිකල් ලම්බ්, ටීම් මර්ටා, ක්‍රේග් කීස්වෙටර්, ලෝගන් වෑන් බීක් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් මේ ආකාරයට යොවුන් කුසලානයේදී සිය රට නියෝජනය කොට පසුව වෙනත් රටවලට සම්බන්ධ වූ අනෙක් ක්‍රීඩකයන්ය.
12 වෙනි ක්‍රිකට් යොවුන් ලෝක කුසලාන ශූරතාවලිය ලබන ජනවාරි 13 වෙනි දින නවසීලන්තයේදී ආරම්භ වන අතර, එහිදී පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ඇතුළත් ඩී කාණ්ඩයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
