"19+ ජයග්‍රාහී මාවතක් කරා” : අධ්‍යාපනික, වෘත්තීය මාර්ගෝපදේශ සහ  වෙළඳ ප්‍රදර්ශනය 

"19+ ජයග්‍රාහී මාවතක් කරා” : අධ්‍යාපනික, වෘත්තීය මාර්ගෝපදේශ සහ  වෙළඳ ප්‍රදර්ශනය 

19+ ජයග්‍රාහී මාවතක් කරා” : අධ්‍යාපනික, වෘත්තීය මාර්ගෝපදේශ සහ  වෙළඳ ප්‍රදර්ශනය 2018.10.03 දින සිට 2018.10.07 දින දක්වා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. දිනෙන් දින වෙනස්වන වත්මන් ශ්‍රම වෙළඳපොළ නව ප්‍රවණතා  හා උසස් අධ්‍යාපනික අවශ්‍යතා  පිළිබඳ පාසල් සිසුන්, තරුණ තරුණියන් හා වෘත්තිකයින් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම වෘත්තීය අවස්ථා සම්පාදනය කිරීම කාලීන අවශ්‍යතාවක්ව පවතින බව හඳුනා ගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙය සංවිධානය කර තිබේ.

ඒ පීළිබඳ වැඩිදුරටත් කරුණු දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය මෙසේ ද සඳහන් කර සිටියි.

අ.‍පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් ‍පෙල විභාගයට මුහුණ දුන් සිසුන්‍‍ගෙන් ‍කොටසක් විවිධ අධ්‍යාපනික  පාඨමාලා ‍හෝ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට ‍යොමු‍වේ.‍ මේවා‍යෙහි ප්‍රමිතිය පිළිබඳව බහුතරයක අව‍බෝධයක් ‍නොමැති අතර ඒවා තම හැකියාවට හා කැමැත්තට ගැල‍පෙනවාද යන්න පිළිබඳව පැහැදිලි භාවයක්ද නැත.‍මේ නිසා ඇතැම් පාඨමාලා අතරමඟ නවතා දැමීමටද ඔවුන්ට සිදු ‍වේ. ඉන්පසු ලැ‍බෙන කුමක් ‍හෝ රැකියාවක නිරත ‍වේ.

උසස් අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය හැදෑරීමට ‍යොමු වන සිසුන්‍ ද ‍මෙවැනිම වු තත්වයකට මුහුණ ‍දෙයි. ඇතැම් ‍‍යෞවන ‍‍යෞවනියන්ට සිදුවන්‍‍නේ පාසල් සමය නිමාවීමත් සමඟම නුපුහුණු ශ්‍රමිකයන්  ‍‍ලෙස ශ්‍රම  ‍වෙළඳ‍පොලට අඩු මුදලකට අ‍ලෙවි වීමට සිදුවීමයි.

තම වෘත්තීය කුසලතාවන්ට සහ අභිරුචීන්ට ‍නොගැල‍පෙන අන්ද‍මේ පාඨමාලා හදාරා තමාට සුදුසු රැකියාවක් ‍තෝරමින් ආයතන‍යෙන් ආයතනයට දීර්ඝ සංක්‍රාන්ති කාලයක් ගත කිරීම ‍මේ අයට ‍නොදැනුවත්ව සිදුවන්නකි.

එමගින් සිදුවන ආර්ථික හා සමාජමය බලපෑම් උක්ත කණ්ඩායම් වල ‍මෙන්ම ර‍ටේ සංවර්ධනය කරා ද සෘජුවම බලපානු ලබයි. ඉහත තත්වය තුළ වසර 13ක් තුළ පාසල් අධ්‍යාපනය  ලබන සිසු සිසුවියන් තම උසස් අධ්‍යාපන  කටයුතු වෘත්තීය අනාගතය පිළිබඳව ව්‍යාකූලත්වයට පත්වන ආකාරයක් ප්‍රායෝගිකව පෙ‍නේ. එබැවින් විධිමත් පාසල් අධ්‍යාපනය ලබන අවධිය තුළින්ම ‍මේ පිළිබඳ දැනුම ආකල්ප සහ කුසලතා ලබා දීමක් සිදු වන්‍‍නේ නම් එය දැ‍යේ දූ පුතුන්‍‍ගේ වෘත්තීය ‍පෞරුෂය නඟා සිටුවීමට මහඟු අත්වැලක් සපයනු ඇත.

මෙහි ආරම්භක පියවර වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමෙන් අ.පො.ස. (උසස් පෙළ) සිසුන් ඉලක්ක කර ගනිමින් ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස “19+ ජයග්‍රාහී මාවතක් කරා.” අධ්‍යාපනික රැකියා වෙළඳ ප්‍රදර්ශනය  දීප ව්‍යාප්තව පැවත්වීමට අධ්‍යාපන  අමාත්‍යංශය  කටයුතු යොදා ඇති අතර එහි පළමු ප්‍රදර්ශනය  කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේදී  විවිධ අධ්‍යාපනික මට්ටම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම හැකියාවන්ට හා අභිරුචීන්ට අනුව එම ආයතන හා සම්බන්ධ වීමටත් වෘත්තිය මාර්ගෝපදේශකයන් වෙත යොමුවීම සහ උසස් අධ්‍යාපනික ප්‍රවේශයන් සඳහා මඟපෙන්වීමටත් අවස්ථා සලසා ඇත.  ඒ සඳහා විවිධ රාජ්‍ය, අර්ධ රාජ්‍ය  හා පෞද්ගලික ආයතන මීට සම්බන්ධ වී සිටී.

ඒ අනුව මෙම ප්‍රදර්ශනයේදී, 

  • රාජ්‍ය අංශය නියෝජනය කරමින්  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
  • නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය
  • කම්කරු දෙපාර්තමේන්තුව, 
  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 
  • පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල  රාජ්‍ය  අර්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තීය පුහුණු අවස්ථා රැකියා පොළ විභාග සහතික ලබාදීමේ ජංගම සේවය ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම නොමිලේ පැළ ලබාදීම       
  • විදේශ රැකියා සඳහා ලියාපදිංචිය       
  • වීදි නාට්‍ය,වේදිකා නාට්‍ය ඇතුළු විවිධ සංස්කෘතික අංග ත්‍රිවිධ හමුදා සංදර්ශන        
  • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය  හා සමාන පොත් ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් ද පැවැත්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න