ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.
“ දිරියෙන් පෙරට යන්න - ළමා කැළට සවිය දෙන්න” මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.
මෙහි ජාතික උත්සවය උදෑසන 09.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී පැවැත්විමට නියමිතයි.
මෙම ජාතික උත්සවය සඳහා විවිධ අවශ්‍යතා සහිත දරුවන් 2000ක් පමණ සහභාගීවිමට නියමිත අතර ළමා දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.
තවද, “මානව අයිතීන් දිනා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයින් අභිමානයෙන් සුරකිමු” යන්න මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලේ තේමාවයි.
වැඩිහිටි දින සැමරුම් උළෙල කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර නගරයේදී පැවැත්විමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
