යහපාලන ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අයවැය ලේඛනය ලබන නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද ඊයේ (18) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීම ලබන දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට ද තීරණය කර ඇත.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන නොවැම්බර් මස 5 වැනිදා සිට නොවැම්බර් මස 8 වැනිදා දක්වා කාලය තුළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අසනීපයකට ප්‍රථිකාර ගැනීමට හැර විදේශ ගත වීම තහනම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
