ශ්‍රී ලංකාවේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ හිමිකාර්තිවය යටතේ පවතින ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සූදානම් බව වාර්තා වෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවය.
එම වාර්තාව සකස්කිරීම සඳහා ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග ගිවිසුමකටද එක්ව තිබෙන බවත් ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය විදේශ රටක ගුවන් තොටුපොළක් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති පළමු අවස්ථාව මෙය බවද දැනගන්නට ඇත.
ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය ඉන්දියාවේ ගුවන් තොටුපොළ 120ක් පමණ කළමනාකරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
