එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අද (30) යි.
තෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල ඊට සහභාගීවීමට නියමිතව ඇත.
එසේම එම අමාත්‍යවරුන් දෙපළ විසින් ප.ව. 5.00 ට පමණ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 04 වන මහලේ ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇත.
ව්‍යවසායකත්වය ගැන දැනුමට තරුණ ප්‍රජාවේ වැඩි උනන්දුවක් !
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ ව්‍යවසායක දැනුම සහ සහන පොළී ණය ක්‍රම සම්බන්ධව දැනුවත්වීම සඳහා තරුණ සහභාගීත්වයේ කැපීපෙනෙන උනන්දුවක් දක්නට ලැබුණු බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කරයි.
එසේම ගොවි ප්‍රජාව, ස්වයංරැකියාකරුවන්, නව නිපැයුම් සම්බන්ධව උනන්දු පිරිස් ඇතුළු මේ වන විටත් ව්‍යාපාර ආශ්‍රිතව කටයුතු කරන ජනතාව තම ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීම සහ ඒ සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සමඟ එක්වීම පිළිබඳ දැනුවත් වීමට වැඩි වශයෙන් සහභාගී වනු දක්නට ලැබුණු බවද වාර්තා වෙයි.
{gallery}entre-30{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
