පළාත් සභාවේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලූදෙනා රුසියාවේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබූ අතර, එම සංචාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගයෙන් නතර කර ඇති බව වාර්තා වෙයි.
මේ බව ඌව පළාත් සභාවේ සභානායක සුදර්ශන් දෙණිපිටිය තහවුරු කර ඇත.
ඌව පළාත් සභාව නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙම සංචාරය සැලසුම් කර තිබුණේ අගෝස්තු මස අගදී රුසියාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනය කිරීම සඳහා බව දක්වමින්ය.
නමුත් පළාත් සභාව මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම සංචාරයට එක් නොවීමට ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනා තීරණය කර තිබූ අතර මෙම සංචාරය සඳහා මාර්ග අමාත්‍යවරයා ඇතුලූ නිලධාරින් කිහිපදෙනෙකු පමණ යොදවන ලෙසයි ඔවුන් ඉල්ලා තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
