එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ සෙයිද් රාද් අල් හුසෙන්ගේ නිල කාලය අවසන් වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ඇය පත් කර ඇත.
66 වන වියෙහි පසුවන මිචෙල් බච්ලේ චිලි රාජයේ ජනාධිපති ධූරයට පත් වූ පළමු කාන්තාව වන බවද සඳහන්ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
