ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන තෙක් ඒ ගැන කතාබස් නොකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇතැයි 'මව්බිම' පුවත්පත වාර්තා කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් කර ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පෙන්වා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කිරීම තුල දැනටමත් අභ්‍යන්තර මත ගැටුම් හටගෙන ඇති බවයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන තුරු ඒ ගැන මත ප්‍රකාශ නොකිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
