විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සඳහන් කර සිටින්නේ විපක්ෂයේ අයිතිය පිළිබඳව තම මන්ත්‍රී කණ්ඩායම ඊයේ (18) කථානායක කරූ ජයසූරිය මහතා හමුවී සාකච්ඡා කළ බවයි.
ඒ අනුව අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස කථානායකවරයා තම කණ්ඩායමට දැනුම් දුන් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරන අතර මන්ත්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ඉදිරියේදී භාරදෙන බවද ඔහු පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
