Image

නිශ්ශංක දිද්දෙණිය ස්වයං ලිඛිත චරිතාපදානය ජනගත කිරීම

නිශ්ශංක දිද්දෙණිය ස්වයං ලිඛිත චරිතාපදානය ජනගත කිරීම

නිශ්ශංක දිද්දෙණිය ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන 'සිඹිමි රඟබිම දිගා වී' කෘතිය ජනගත කිරීම අගෝස්තු 04වන දා, සවස 04ට, කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත්වේ.

සම්මානිත සාහිත්‍යව්දී ආචාර්ය ගුණදාස අමරසේකර ගේ ප්‍රධානත්වයෙන්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ සහභාගිත්වයෙන් පැවැත් වෙන මෙම උලෙළෙහි මුඛ්‍ය දේශනය සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය ගෙනි.

කෙටි මතකාවර්ජනය බුද්ධදාස ගලප්පත්ති ගෙනි.

රත්නා ලාලනී ජයකොඩි, නිහාරි සෝමසිරි, මාදනී මල්වත්තගේ, කාන්චනමාලා රණසිංහ, රවින්ද්‍ර අලගියවන්න, මනූජ දිද්දෙණිය සමග නිශ්ශංක දිද්දෙණිය ගේ නාට්‍ය ගීතාවලියකින් විචිත්‍රවත් වෙන මෙම උත්සවය: මහානාම වික්‍රමසිංහ සහ නවරත්න ගමගේ යන දෙපළ ගේ සංගිත නිර්මාණයෙන් වර්ණවත් කරයි.

පූරක භූමිකාව හොබවනු ලබන්නේ සමන් ආතාවුදහෙට්ටි විසිනි.

මෙම සහෘද සැඳෑවට සහභාගි වන ලෙස ඔබ සැමට ආරාධනා...!

 

WhatsApp Image 2026 07 22 at 1.22.31 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න