අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රදවා සිටි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනාම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා.
ඒ අනුව, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.
එමෙන්ම, ඔවුන්ට ලක්ෂයක මුදල් ඇපයක් ද නියම කළා.
පසුගිය ජූනි 23 වනදා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට ගෙන තිබූණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාල කටයුතුවලින් නිදහස් කර දීම සඳහාත් අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
