බස් හිමියෙකු ට තර්ජනය කර කප්පම් ඉල්ලු බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පාතාල ක්‍රියාකරුවෙකු ගේ ගෝලයෙක් යැයි පවසන පතිරගේ රංජිත් යන අය ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
කොට්ටාව ප්‍රදේශයේ බස් හිමියකු ව මරණ බවට තර්ජනය කර රුපියල් 25000ක් ඉල්ලූ බවට ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ගේ ජංගම දුරකතන වාර්තා කැඳවා ඇතැයි කොළඹ දිසා කොට්ඨාසය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේ ය.
සැකකරු සම්බන්ධයෙන් වි විමර්ශන අවසන් නැති බවත්, තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසි අධිකරණ ඉල්ලා සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
