වසර 38 කට පසුව නාරා ආයතනය විසින් සාගර සම්පත් ගවේෂණයක් සිදුකිරීමට එයි.
ඒ නොර්වේ රජයේ ආධාර ඇතිව වන අතර එහිදී Dr.Fridtjof Nansen නැමති පර්යේෂණ නෞකාව භාවිතා කරමින් 2018 ජුනි මස 22 සිට පුරා දින 26 ක කාලයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට නියමිතව ඇත.
මේ සම්බන්ධව කරුණු ඇතුලත් ප්‍රශ්නෝත්තර සටහනක් නාරා ආයතනයේ නෝර්වේ - ශ්‍රී ලංකා ද්විපාර්ශික ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක, (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් /පර්යේෂණ හා සංවර්ධන ) ආචාර්ය එච්.එම්.පාලිත කිත්සිරි විසින් නිකුත් කර ඇති අතර එය පහත පළවේ.
01. සාගර සම්පත් ගවේෂණයේ ප්‍රධාන අරමුණ කුමක්ද?
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සමුද්‍ර ජීවී සම්පත් තිරසාර භාවිතය සහ සාගර පරිසර පද්ධති වල ආරක්ෂාව තහවුරු කිරීම. එමෙන්ම ධීවර සම්පත් කලමණාකරණයේ දී ප්‍රතිපත්ති තීන්දු ගැනීම සඳහා ඉතා නිවැරදි ධීවර දත්ත අවශ්‍ය වේ.
මෙම ධීවර දත්ත ලබා ගැනීමේ ක්‍රම වේද 2 කි.
1. ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් මඟින් ලබා ගන්න වූ දත්ත
2. පර්යේෂණ මඟින් සත්‍ය වශයෙන් මුහුදේ සිටින මසුන් පිලිබඳ විද්‍යාත්මක
අධ්‍යනය මඟින් ලබා ගන්න වූ දත්ත
02. මෙම සාගර ගවේෂණය මඟින් සිදුවන බලපෑම කුමක්ද?
තිරසාර ධීවර කර්මාන්තය සහයෝගී රටවල ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව වැඩි දියුණු කරයි යන තේමාව යටතේ මෙම සාගර සම්පත් ගවේෂණය සිදු කරයි.
03. මෙම සාගර සම්පත් ගවේෂණය කිරීමේ ක්‍රමවේදය කුමක්ද?
මෙයට පෙර සාගර සම්පත් ගවේෂණය ශ්‍රීලංකාවේ මුහුදු තීරයේ විද්‍යානුකූලව සිදු කර ඇත්තේ 1978 - 1980 කාල සීමාව තුලදී නෝර්වේ රාජ්‍ය සතු Dr.Fridtjof Nansen නැමති පර්යේෂණ නෞකාව භාවිතා කරමිනි.
වසර 38 ක කාලයක් තුල විද්‍යාත්මක සාගර සම්පත් ගවේෂණයක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පිලිබඳ ගවේෂණයක් සිදුකර නොමැත.
එසේ හෙයින් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පිලිබඳ දැනට පවතින තත්වය පිලිබඳ පර්යේෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.
Dr.Fridtjof Nansen නැමති පර්යේෂණ නෞකාව භාවිතා කරමින් 2018 ජුනි මස 22 සිට පුරා දින 26 ක කාලයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට නියමිතව ඇත.
04. සාගර සම්පත් ගවේෂණය සඳහා නෝර්වේ රාජ්‍යයේ දායකත්වය ලබා ගත්තේ කෙසේද?
ශ්‍රී ලංකා රජය නෝර්වේ රාජ්‍යයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම සාගර සම්පත් ගවේෂණය සඳහා සහයෝගය ලබා දීමට නෝර්වේ රාජ්‍යය එකඟ විය.
05. මේ සඳහා නොරවේ රාජ්‍ය තෝරා ගත්තේ ඇයි?
නොර්වේ රාජ්‍ය ඉතා ඉහළ ධීවර කලමණාකරනයක් පවතින රටකි. එමෙන්ම ලෝකයයේ ධීවර කර්මාන්ත තාක්ෂණය පිලිබඳ සැලකීමේ දී එම රටෙහි ධීවර සම්පත් නෙලා ගැනීමේ දී ඉහළ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි.
ප්‍රධාන වශයෙන්ම නෝර්වේ රාජ්‍යය සතුව 2017 නිෂ්පාදනය කරන ලද ඉතාම නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත Dr.Fridtjof Nansen නෞකාව මඟින් මෙම සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට බලපොරොත්තු වේ.
06. මෙම සාගර සම්පත් ගවේෂණය සඳාහ ශ්‍රී ලංකාවේ දායකත්වය කුමක්ද?
මෙම ගවේෂණය සඳහා නාරා ආයතනයේ විද්‍යාඥයින් 20 දෙනෙකු ද ධීවර දෙපාර්තුමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් ද සහභාගී වේ.
1. ධීවර පර්යේෂණ අංශ මඟින් සුදුසු හා අවස්ථානුකූල විද්‍යාත්මක උපදේශ ධීවර කලමණාකරනය සඳහා ලබා දීම.
2. තිරසාර ධීවර කලමණාකරනය සඳහා ධීවර පර්යේෂණ හා කලමණාකරන ආයතන සඳහා ප්‍රමාණවත් හා නිසි දැනුමක් සහ ආයතන ධාරිතාවය ලබා දීම.
3. ධීවර කලමණාකරනය පරිසර පද්ධති මූලධර්ම වලට අනුව සිදු කිරීම.
08. මෙම සාගර සම්පත් ගවේෂණයේ යෙදෙන නෞකාව මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ගවේෂණ ක්‍රම වේදය කුමක්ද?
1. තිරසාර ධීවර කර්මාන්තය
· මසුන්ගේ කීට අවස්ථා අධ්‍යනය සහ බෝවෙන අවස්ථා සහ මසුන් බෝවන කාල සීමා හදුනා ගැනීම.
· සමුද්‍රීය මසුන්ගේ ව්‍යාප්තිය, බහුලතාව, වෙනස්වීම, මසුන්ගේ තොග හඳුනා ගැනීම සහ මසුන්ගේ පරිසර විද්‍යාත්මක සහ පර්යටන රටා අධ්‍යනය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
