මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (29) සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහි දී සිවිල් ආරක්ෂක බළකායේ වර්තමාන කාර්ය භාරය, එම බළකාය විසින් සිදුකරනු ලබන රාජකාරි කටයුතු මෙන්ම රාජකාරි ඉටු කිරීමේ දී මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරයා සොයා බැලී ය. එමෙන් ම සිවිල් ආරක්ෂක බළකායේ පවත්නා අඩුපාඩු හඳුනාගෙන, ඒවාට යථා විසඳුම් ලබා දීම සඳහා අවධානය යොමු කළේ ය.

මහජන ආරක්ෂාවට සිවිල් ආරක්ෂක බළකා භටයින් 10,000ක්

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කර සිටියේ, වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය ශක්තිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 5,000ක පමණ පිරිසක් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. එමෙන්ම, මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය වෙත සිවිල් ආරක්ෂක බළකායෙන් භටයින් 10,000ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. තව ද සිවිල් ආරක්ෂක බළකායේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මෙම නිරීක්ෂණ චාරිකාවට සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ද සහභාගී වූ අතර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.pS 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න