මෙල්බර්න් ධම්ම සරණ විහාරයේ ප්‍රධාන හිමි ළමා අපයෝජන රැසකට අධිකරණයෙන් වරදකරු වෙති!

මෙල්බර්න් ධම්ම සරණ විහාරයේ ප්‍රධාන හිමි ළමා අපයෝජන රැසකට අධිකරණයෙන් වරදකරු වෙති!

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ බෞද්ධ විරාස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ, නාඔටුන්නේ විජිත ( Naotunne Vijitha ) හිමි, ළමා ලිංගික අපයෝජන රැසකට වරදකරු කෙරේ.

ඔහු විසින්  මීට වසර 30කට පමණ පෙර සිදු කළ,  12කට අධික ඓතිහාසික ළමා ලිංගික  අපයෝජන සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින්, එරට  ප්‍රාන්ත අධිකරණයක් මගින් එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. 1994 සහ 2002 කාලය තුළ නාඔටුන්නේ විජිත හිමි  විසින් එම අපයෝජන සිදු කර ඇතැයි, වාර්තා වේ.

මේ වන විට 70 හැවිරිදි වියේ පසුවන එම භික්ෂුව නීතියෙන්, වයස අවුරුදු 16ට අඩු දැරියක හා ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා අටකට සහ එම බාල වයස්කාර දැරියක සම්බන්ධ විකෘති ලිංගික අපයෝජන නවයකට වරදකරු බව අධිකරණය විසින් තීන්දු කෙරිණි. එහිදී එල්ල කළ එක් චෝදනාවකට පමණක් ඔහු නිදොස් බව අධිකරණය දැන්වීය. ඔහුට එරෙහි තවත් බාල වයස්කාර  ලිංගික අපයෝජන චෝදනාවක් ජූරියේ විමර්ශනයට ලක් කෙරෙමින් පවතී.

නාඔටුන්නේ විජිත හිමිට  එරෙහි අධිකරණ තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ  තැඹිලි පැහැ චීවරය දරමින් දෑතේ හිස හොවා අධිකරණයේ පෙනී  සිටි භික්ෂුව, කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිසොල්මන්ව සිටි බව, ඕස්ට්‍රේලියා ගුවන් විදුලි සංස්ථාව (ABC NEWS) නිවේදනය කළේය.

සෑම නඩු වාරයකටම සහභාගී වූ විහාරස්ථ  දායක සභාව, ඔහුට එරෙහි තීන්දුව ප්‍රකාශ කිරීමේදී, අධිකරණය තුළ කඳුළු සැළූ බවද ඒ.බී.සී. ගුවන් විදුලිය ප්‍රකාශ කළේය.

ඉකුත් මස අග දී එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

වික්ටෝරියානු නීති පද්ධතිය ප්‍රකාරව, එම අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන්  ඔහුට වසර දහයක  සිර දඬුවම් වුව, පැනවීමේ හැකියාව පවතී.

නාඔටුන්නේ විජිත, පදවියේ බලය යුතු ලෙස භාවිතා කරමින් තරුණ ගැහැණු ළමුන් වසඟයට ගත්  බව පැමිණිල්ලේ නීතිඥයෝ  ප්‍රකාශ කළහ.

ඔහු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පවා තමන්ව අපයෝජනයට ලක් කළ බව, ඇතැම් වින්දිතයෝ කියා සිටියහ. පෙර, ස්ප්රින්ග්වේල් (Springvale) හි පිහිටි ඔහුගේ විහාරස්ථානය  පසුව, වත්මන් කීස්බොරෝ (Keysborough) පරිශ්‍රය වෙත රැගෙන ගොස් තිබේ. ත්‍යාග ලෙස රසකැවිලි ලබා දෙමින් විජිත, බාල වයස්කාර දැරියන් එම ස්ථාන දෙකෙහිම, ඔහු විසූ කුටිවෙත රැගෙන ඒමට පොළඹවා ලූ බව ද, එහිදී අනාවරණය විය.

වින්දිතයින් රැසක් මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව 2023 දී  ඔහුට එරෙහි චෝදනා ගොනු කෙරිණි. පසු කාලයකදී වින්දිතයින්, තමන්ට සිදු වූ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව මිතුරන් හා පවුලේ සාමාජිකයින් වෙත අනාවරණය කර තිබු බවද අධිකරණයේදී  හෙළි විය.

විත්තිකරු, ඔහුට එරෙහි චෝදනාවලින් නිදහස් කරන  ලෙස විත්තියේ නීතිඥයා  අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නාඔටුන්නේ විජිත, එම චෝදනාවලට වැරදිකරු නොවන බව,  ප්‍රකාශ කර ඇති බවත්, චෝදනා එල්ල කළ ඇතැම් බාල වයස්කාර දැරියන් පිලිබඳ මතයක් නැති බවත්, විත්තියේ නීතිඥ පැවසීය.

අවසන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ඔහුට හිමි දඬුවම් නියම කෙරෙනු ඇත.  

චීවරයෙන්, පදවියෙන් මෙන්ම,  ප්‍රසිද්ධ කල්ක්‍රියාවෙන්, සුපෝෂිත  ශික්ෂාකාමියකු ලෙස පෙනී සිටියද, ඔහුගේ සැබෑ සැහැසිකම් අවබෝධ වූයේ මෙම සිද්ධියෙන් අනතුරුව බව, මේ පිලිබඳ කළ විමසීම්වලදී ඇතැමෙක් පැවසූහ.  



(සටහන | ABC NEWS ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/10/2025

Buddhist monk found guilty of historical Melbourne sex offences


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න