හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර අද (15) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ ඇත.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා මෙසේ පැමිණ තිබේ.
මනුෂ නානාය්කකාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ ප්‍රකාශ කළේ සිය සේවාදායකයා මෙලෙස අද අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි.
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම, විනිසුරුවරයා ඊයේ නිෂ්ප්‍රභ කළේය.
පිටු 15කින් සමන්විත නියෝගයේ අවසන් පිටුව කියවමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ, අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේෂ සහගත ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පෙත්සම්කාර මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
