ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් උත්සන්න වීමත් සමග මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වඩාත් විමසිලිමත්ව පසුවිය යුතු බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඒ අනුව, ඔහු දැනුම් දෙන්නේ ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සිය ගුවන් ගමන් ප්‍රමාද කිරීම වඩා යෝග්‍ය බවයි.
ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කර තිබේ.
ඒ අනුව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළග තබාගන්නා ලෙස ඊශ්‍රායලයේ මෙරට තානාපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
