පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ඔස්සේ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද සිට ආරම්භ වෙයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බවයි.
ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා ලියාපදිංචී වීම කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ ය.
එතැන් සිට සති 2ක කාලයක් ලබා දී ඇත්තේ ලියාපදිංචිවීමේදී තෝරාගත් විශ්වවිද්‍යාලයේ කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීමටයි.
පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300 කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
