ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඊයේ (01) ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වේ.
තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලා ඇත.
දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.