අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි එම කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්දී තිබේ.
ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කරුණු පැහැදිලි කර ගැනීමට කොමිසම අද ඔහුට කැදවීම් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ නිවේදනය කළේ, රනිල් වික්‍රමසිංහගේ නීතිඥවරයා විසින් යොමු කළ ලිපියකින් 28 වන සදුදා කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවයි.
ඒ අනුව එදින පෙරවරු 9 යි 30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි වික්‍රමසිංහට අද දැනුම්දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
