පාසලට දරුවන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් උනොත් අමාත්‍යංශයට කියන්න....

පාසලට දරුවන් ඇතුලත් කිරීමේදී අසාධාරණයක් උනොත් අමාත්‍යංශයට කියන්න....

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බවත්, පාසලට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් අමාත්‍යංශයට දැනුමි දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අද (22) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

තමන්ගේ සමාජය නිවැරදි කරගන්න එකඟතාවය මත වැඩ කරගෙන යනකොට වැරදි හදාගන්න, ඒ ක්‍රමය වෙනස් කරන්න සංවිධානාත්මකව ජනතාව මැදිහත් වෙනවා, මේක තමයි බලාපොරොත්තු වූ වෙනස. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. වෙනදා පොලීසියට පැමිණිල්ලක් දාන්න ගියාම අහන්න වෙන බැණුම් දැන් අහන්න වෙන්නේ නැහැ. සාවධානව ඇහුම්කන් දෙනවා, පැමිණිල්ල නිවැරදිව ලියාගන්නවා. සුහදව කතා කරනවා මේක තමයි ජනතාව ඉල්ලන වෙනස,

මේ රටේ ජනතාවට තිබුණ ලොකුම කරදරේ දරුවෙක් පාසලට ඇතුළත් කරන එක. මෙතෙක් කාලයක් පුරුද්දක් හැටියට ළමයි පාසලට දාගන්න දේශපාලනඥයින් ගාවට පෝලිමේ ආවා ලියුම් ගන්න. එහෙම තමයි දරුවන් පාසලට ඇතුලත් කළේ ඒ ක්‍රමය අපි වෙනස් කළා. අද ජනතාව අපිට කියනවා ලිපියක් ඉල්ලන එක වැරදියි කියලා අපි දන්නවා. ඒ වැරැද්ද වෙනවා දකින්න කැමති නෑ කියලා. ඒ එන ජනතාව දුක කියලා අඩනවා සමහර කාරණාවලට මටත් ඇඩෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් වැරදි වැඩක් කරන්න කියලා මට කියලා නැහැ. පෞද්ගලික දෙයක් වෙනුවෙන් දේශපාලනඥයින්ගෙන් වාසි බලාපොරොත්තුවෙන එක වැරදියි කියලා ජනතාවම කියනවා, ජනතාව අපි ළගට ඇවිත් දුක කිව්වත්, ඇඬුවත්, දේශපාලනඥයින්ගෙන් උදව් ඉල්ලන්නේ නෑ කියන තරමට හැදිලා නම් අපි වෙනස් වෙලා නැද්ද, ජනතාව වෙනස් වෙලා නැද්ද මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලපු දේ.

මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ.

සමහර පලාත් පාලන ආයතන තිබෙන බව හෝ එම ආයතන සිදුකළ යුතු මෙහෙය පිළිබඳව ජනතාව දැනුවත් නැති බවත් ඊට හේතුව එවැනි ආයතනයක් තිබෙන බව දැන ගැනීමට හෝ සේවයක් සිදුවී නැතිබවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු මහජන නියෝජිතයින් අපේක්ෂකයින් සහ පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න