තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනයක්

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනයක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්. එම්. ඒ. එල්. රත්නායක,

“ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලූම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.”

“කිසිදු වෙනස්කමක් නොමැතිව සියලූම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට මේ දින 4දී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.”

“ඒ වගේම මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරීවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවනු ලබනවා.”

“ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.”

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.