හිටපු ජනපති මෛත්‍රී විශ්ව සාම සම්මේලනය අමතයි

හිටපු ජනපති මෛත්‍රී විශ්ව සාම සම්මේලනය අමතයි

විශ්ව සාම සම්මේලනයේ – 2025 ගෝලීය සමුළුවට ප්‍රධාන ආරාධිතයකු වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහභාගි විය.

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී මේ වසරේ විශ්ව සාම සම්මේලනය පැවැති අතර එය අප්‍රේල් 10 වැනිදා සිට 14වැනිදා දක්වා පැවැත්විණි.

විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා පැසිපික් කලාපීය සභාපතීත්වය දරන මෛත්‍රීපාල සිරිසේන  විසින් ගෝලීය සමුළු සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් පවත්වන ලදි.

එහිදී ගොලීය දේශපාලනික ස්ථාවරත්වය හා සාමය පවත්වාගැනීම, දේශගුණික විපර්යාස කළමනාකරණය, හා ගැටුම් කළමනාකරණය සඳහා ආගම හා දේශපාලනය යන අංශ ඒකාබද්ධ කළ ද්වි-මණ්ඩල ගෝලීය සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව යන ප්‍රස්තූතයන් අවධාරණය වූ අතර එය බොහෝ දෙනාගේ පැසසුමට හා අවධානයට ලක්වූ කතාවක් වී තිබේ.

මෙවර විශ්ව සාම සම්මේලනය වෙනුවෙන් රටවල් 40ක පමණ හිටපු රාජ්‍ය නායකනායිකාවන්, වත්මන් කතානායකවරුන්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වය සිදුවිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න