මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ අභාවප්‍රාප්ත වෙයි

සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්තවී තිබේ.

මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 72 කි.

මාතර කෝට්ටගොඩ ග්‍රාමයේ දී 1952 නොවැම්බර් මස 22 වන දින මෙලොව එළිය දුටු ජයසේන කෝට්ටෙගොඩ සහෝදර සහෝදරියන් හත් දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියායි.

මූලික අධ්‍යාපනය සඳහා ගොඩඋඩ කනිටු විදුහලටත් අනතුරුව ගොඩඋඩ මහා විද්‍යාලයටත් ඇතුළු වූ ඔහු පසුව රජයේ නැටුම් හා මුද්‍රණ නාට්‍ය විද්‍යාලයට පිවිසිනි.

ඔහු සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් බිහිවූ ප්‍රථම ලලිත කලාවේ දී උපාධිධාරින් කණ්ඩායමේ සාමාජිකයෙක්.

1978 ඔක්තෝබර් මස 31වන දින ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්යවරයකු ලෙස එක්විය.

පහතරට නර්තනයේ ජීවමාන නර්තන විශාරදයා වූයේ සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතායි.

පහතරට නර්තන සම්ප්‍රදාය මෙන්ම ශාන්තිකර්ම පර්යේෂණ ක්ෂේත්‍රය නව මගකට යොමුකළ ඔහු විෂයගත පර්යේෂණ කෘති 30ක් පමණ නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා නැටුම්, ඉන්දියානු නැටුම්, සංගීතය, ජනප්‍රවාද සහ ජන කලා යන විෂයයන් යටතේ ද ඔහු පර්යේෂණ කෘති 30 ක් පමණ රචනා කර ඇත.

එම පර්යේෂණ කෘති රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සෞන්දර්ය අධ්‍යයන ක්ෂේත්‍රයේ මෙරට පළමු මහාචාර්යවරයා ද ඔහුයි.

චිත්‍රපට ක්ෂේත්‍රයේ නර්තන ශිල්පියෙකු සහ නර්තන අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් රැසක බාහිර නිෂ්පාදකයෙක් ලෙසත් මහදුරු ජයසේන කෝටේගොඩ සිය දායකත්වය සපයා තිබේ.

ජයසේන කෝට්ටේගොඩ මහතාගේ දේහය අද පස්වරුවේ සිට බොරලැස්ගමුව, 10 කණුව පාරේ සිය නිවසේ තැන්පත් කර තැබෙනු ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනිදා බොරලැස්ගමුව පොදු සුසාන භුමියේදී සිදුකිරිමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න