හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවරදී

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට සමගාමී උත්සවයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අප්‍රෙල් මස 16 වැනි බදාදා පූර්ව භාග 09.04ට යෙදෙන සුබ මොහොතින් මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතය.

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන්  ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව සංවිධාන කෙරේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න