මහාචාර්ය ගණනාථ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ගණනාථ ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය, බුදුදහම,සංස්කෘතිය ඇතුළු විෂයයන් කෙරෙහි බලපෑම් සහගත අධ්‍යයන සිදු කළ සුප්‍රකට මානව විද්‍යාඥයෙකු වූ, මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ඔබේසේකර මහතාගේ මිය යනවිට වයස අවුරුදු 96 ක් 1930 පෙබරවාරි දෙවැනිදා උපන් ගණනාථ ඔබේසේකර මහතා වයස අවුරුදු 25 වන විට, එනම් 1955 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළේ ය.

එයින් වසර තුනකට පසු වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධියත් 1964 වසරේදී මානව විද්‍යාව සම්බන්ධ ආචාර්ය උපාධියත් හිමි කර ගැනීමට එතුමාට හැකිවිය.

1968 සිට 1972 දක්වා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රධානියාද වූ ඔහු, 1972 වසරේ සිට වසර අටක් මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේයි.

1983 - 88 වකවානුවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගණනාථ ඔබේසේකර මහතා අනතුරුව වසර 2000 දක්වා සිය දැනුම සිසු පරපුරට ලබා දුන්නේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙනි.

දුටුගැමුණුගේ හෘදසාක්ෂිය, ප්‍රොතෙස්තන්ත බුදුදහම සහ පත් ඇදහිල්ල, සංස්කෘතියේ කාර්යය, මනෝවිශ්ලේෂණයේ සහ මානව විද්‍යාවේ සංකේතාත්මක පරිවර්තනය” ඇතුළු කෘති රැසක් ඔබේසේකර මහතා සම්පාදනය කර තිබේ.

ලෑන්ඩ් ටෙනුවර් ඉන් විලේජ් සිලෝන් ( ශ්‍රී ලංකාවේ ගමක ඉඩම් භුක්තිය ) ඔබේසේකර මහතාගේ වැදගත් කෘතීන් අතරින් එකකි.

මහාචාර්යවරයා, තමා පරිශීලනය කළ පොත් පත් රැසක් අඩංගුව තිබූ පුස්තකාලයද කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න