සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන සමාජ මාධ්‍යයේ පුවත අසත්‍යයක්

සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන සමාජ මාධ්‍යයේ පුවත අසත්‍යයක්

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සංසරණයවන ව්‍යාජ පුවතක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.ෙ

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිවේදනයට අනුව “මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුට ම හිමි” බව සඳහන්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවයි.

එය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කරන බව සඳහන් වේ.

එම නිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න