එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (22) වැනිදා මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ගම්පොළ, නවකුරුදුවත්ත පොලිස් වසමේ වැටකෙදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගල්වලින් පහරදීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එසේම අම්පාර, අක්කරපත්තුව පොලිස් වසමේ පල්ලිකුඩිඉරිප්පු 02 ප්‍රදේශයේ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබේ. අක්කරපත්තුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
